Skip to main content

Professor R.U.Halwathura from University of Moratuwa got TWAS best young scientist in the year award!


සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි.
"ඇත්තටම සන්තෝසයි මොකද මම හරිම පොඩි තැනකින් ආපු මනුස්සයෙක්. මම ඔය කියන ජනප්‍රිය පාසල්වලින් ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි," මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර පැවසීය.
තරුණ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ, ඉතාලිය මූලස්ථාන කරගත් ලෝක විද්‍යා ඇකඩමිය විසින් (TWAS - The World Academy of Science) පිරිනමන ලද සම්මානය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ලාබාලම මහාචාර්යවරයා ඔහුය.
මහාචාර්ය හල්වතුරට මේ වසරේ හිමි වූ පේටන්ට් බලපත්‍රයක්
"කළුතර පොඩි ඉස්කෝලෙක ඉගෙනගෙන, මොරටුව විශ්ව විද්‍යාලයට ගිහිල්ලා මේ වගේ තැනකට ආපු එක ගොඩක් සතුටුයි."
අදාළ සම්මානය සඳහා මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරගේ නම The World Academy of Science වෙත නිර්දේශ කර තිබෙන්නේ ජාතික විද්‍යා පදනම (National Academy of Science) විසිනි.
ඇකඩමිය එම සම්මානය ප්‍රදානය කරනු ලබන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු සියලුම අංශවල තරුණ විද්‍යාඥයන් විසින් ගතව ගිය වසර තුළ පවත්වන ලද පර්යේෂණ, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා, වෙනත් ක්ෂේත්‍රවල එම පර්යේෂණ යොදාගෙන තිබෙන්නේ කෙසේද සහ සිය ක්ෂේත්‍රය තුළ ලබාගත් අනෙක් ජයග්‍රහණ සියල්ල සලකා බැලීමෙන් අනතුරුවය.

"ඔය සම්මානවලට වඩා මම ඇත්තටම සතුටු වෙන්නේ මට උගන්නපු, මාව මේ තත්වෙට පත්කරපු ඒ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මට යමක් කරන්න ලැබිච්ච එක. ඒ මිනිස්සු ඒ ගෙවපු දේට මට ණය ගෙවන්න ලැබිච්ච එක."

කෙසේ වුවත් විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් සිය කැපවීම අගය කිරීමට ලක්වීම පිළිබඳව අවංකව සතුටුවන බවත් තරුණ මහාචාර්යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
වයස අවුරුදු 40 ට අඩු විද්‍යාඥයන් සඳහා ලෝක විද්‍යා ඇකඩමිය සාමාන්‍යයෙන් මෙම සම්මානය පිරිනමනු ලබන්නේ තුන් වෙනි ලෝකයේ රටවල විද්‍යාඥයන් සඳහා බව ද මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර සඳහන් කළේය.

පරිසර හිතකාමී සොයාගැනීම්

තිරසර ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍ර හතක හිමිකරුවා වන මහාචාර්ය හල්වතුර මේ වසර තුළ දී පමණක් පේටන්ට් බලපත්‍ර දෙකක් ලබාගැනීමට සමත් වී තිබේ.
ඒ බිත්ති ඉදිකිරීම පිණිස පස්වලින් කරන නිර්මාණ සහ ගොඩනැගිලි තුළට අධික රස්නය පැතිරීම වැළැක්වීම පිණිස උණ බටවලින් නිෂ්පාදනය කරන ලද පරිවාරක ක්‍රමයක් වෙනුවෙනි.
කසුන් නන්දපාල සහ ෆාතිමා රිස්නා එහි සම නිර්මාණකරුවන් බව ද මහාචාර්යවරයා පවසයි.
"මට පේටන්ට් පහක් තියෙනව පස්වලින් කරන නිර්මාණ සම්බන්ධව. ඒකෙන් ප්‍රධානම එකක් තමයි mud concrete block කියන එක නැත්නම් පස් භාවිතා කරලා අපි හදපු කොන්ක්‍රීට් එකක්. ඒක බිත්ති බැඳීම සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් ගලක්," ඔහු පැවසීය.
නව නිර්මාණ අත්හදා බලමින්
ඊට අමතරව වහලේ සිට නිවසට රස්නය පැතිරීම වැළැක්වීමේ ක්‍රම කිහිපයක්ම මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම විසින් සොයා ගනු ලැබ තිබේ.
ප්‍රධාන වශයෙන්ම තිරසර ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරන තරුණ මහාචාර්යවරයාගේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ ලාභදායී නිෂ්පාදනයක් ලබාදීමට වඩා පරිසර හිතකාමී නව නිර්මාණ නිපැයුම කෙරෙහිය.
"ලංකාවේ මිනිස්සු මම හිතන්නේ ආකල්ප අතින් අපි සෑහෙන්න පොහොසත්. ඉතින් පරිසර හිතකාමී නිර්මාණ තුලින් අපිට සමාජයට යමක් එකතු කරන්න පුළුවන් නම් ඒක තුළින් රටේ සංවර්ධනයට දායකවෙන්න වගේම මිනිස්සුන්ගේ ආකල්ප වැඩි දියුණු කරගන්න පුළුවන් වේවි."
මේ වසරේ "දක්ෂතම ශ්‍රී ලාංකිකයා" (Most Outstanding Sri Lankan) ලෙසින් සම්මානයට පාත්‍ර වූ තරුණ විද්‍යාඥයා, පසුගිය වසරේ 'සිවි සිරි' සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.


Source : http://www.bbc.com/sinhala/sri-lanka-41126854

Comments

Popular posts from this blog

Postgraduate Diploma / M.Sc. in Sustainable Process Engineering - Department of Chemical and Process Engineering - University of Moratuwa

Applications are called for Postgraduate Diploma / M.Sc. in Sustainable Process Engineering from suitably qualified candidates for the above course Closing date of the applications :10th September 2017 Download the Application and Details of the program

Smart Meters – Global and Sri Lankan Perspective

A seminar on "Smart Meters – Global and Sri Lankan Perspective’’ is organized by the IEEE PES SL Chapter together with R&D Branch of Ceylon Electricity Board. Date: Tuesday, 31st October 2017  Time: 2:30 pm - 4:30 pm  Venue: Auditorium of CEB (R&D) Branch, 2nd Floor, Block No.05, BMICH, Colombo 07 Agenda: 2:15 – 2:30 Refreshments 2:30 – 3:15 Smart meters – Global perspective by Dr. Sudheera Navaratne 3.15 – 4.30 Smart meters – Sri Lankan perspective by Team from R&D Division of Ceylon Electricity Board

Sri Lankan PhD student reuses beer-brewing by-product to grow yeast to make more beer

A Sri Lankan PhD student along with her PhD supervisor  Prof William Chen    reuse beer-brewing by-product to grow yeast to make more beer More information:  http://www.straitstimes.com/singapore/ntu-scientists-reuse-beer-brewing-by-product-to-grow-yeast-to-make-more-beer